රනිල්ගෙ ගානම අනුරට එන හැටි කියයි


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ලෝක ආහාර වැඩසටහන මගින් ජනාධිපති ලේකම් කාර්යාලයට දුන් ඩොලර් මිලියන 1300ක් ද ජනාධිපති වැය ශීර්ෂයට ඇතුළත් වී ඇතැයි ද ඒ සියල්ල එකතු වූ විට රනිල්ගේ වැය ශීර්ෂයට සමාන වී ඇතැයිද පත් කළ මන්ත්‍රිනී ලක්මාලි හේමචන්ද්‍ර මහත්මිය (ජාජබ) පාර්ලිමේන්තුවේදී කීවාය.

ජනාධිපතිගේ වැය ශීර්ෂය සම්බන්ධයෙන් චෝදනාවක් ආවා.රනිල්ගේ වැය ශීර්ෂය තරම්ම අනුරගේ වැය ශීර්ෂය තිබෙන බව කිව්වා. අනුරගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ සඳහා කෙරෙන වැය ශීර්ෂය සියයට හැට හතරකින් අඩුකර තිබෙනවා යනුවෙන්ද හේමචන්ද්‍ර මහත්මිය පැවසුවාය.

රනිල් වික්‍රමසිංහ සහ අනුර දිසානායක ජනපතිවරුන්ගේ වැය ශීර්ෂයේ වියදම සමාන යැයි කෑගල්ල  දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම්  මහතා පාර්ලිමේන්තුවේදී කළ චෝදනාවට පිළිතුරු ලෙස මන්ත්‍රීවරිය මේ බව කීවාය.