
(අංජුල මහික වීරරත්න)
ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගත හැක්කේ රනිල් වික්‍රමසිංහ ආර්ථික වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාමෙන් බව සජබ මෙන්ම මාලිමාවද වක්‍රව පිළිගෙන තිබෙන්නේ යැයි නිවාස සහ නාගරික සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
එවන් පසුබිමක ජනාධිපතිවරණයේදී අත්හදා බැලීමක් සිදුකර නැවත ඉල්ලන් කනවාදැයි ජනතාව තීරණය කළ යුතු බවද රණතුංග මහතා කීය.
වැල් පාලමෙන් එගොඩ විය හැක්කේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිගේ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාමෙන් පමණක් වන අතර ඊට අලුත් අයකු අවශ්‍ය නැතැයි ද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා නැවත ජනාධිපති කිරීමෙන් පවතින තත්ත්වය ඉදිරියට ගෙනගොස් රට ආර්ථික අර්බුදයෙන් සම්පූර්ණයෙන් මුදා ගැනීමට හැකි වන්නේ යැයි ද ඇමතිවරයා සඳහන් කළේය.
මිනුවන්ගොඩ ප්‍රදේශයේ අද (16) දින පැවැති රැස්වීමකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව කීවේය.

