
(අංජුල මහික වීරරත්න)
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංචාරයක් සඳහා අද අලුයම රුසියාව බලා පිටත්ව ගියේය.
හිටපු ජනාධිපතිවරයා මෙම සංචාරයේදී යුරෝපයේ රටවල් කිහිපයකටද යාමට නියමිතව තිබේ.
මෙහිදී වික්‍රමසිංහ මහතා දෙසුම් කිහිපයකටද සහභාගී වීමට නියමිතව ඇති අතර ලබන 22 වැනිදා නැවත දිවයිනට පැමිණීමට නියමිතව ඇත.

