
(යොහාන් භාසුර)
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කාලයේදී තරුණ සේවා සභාවේ ජාතික සම්මේලනයේ ජාතික සම්මේලනයේ ලේකම්වරයා එක්සත් ජාතික පක්‍ෂයේ ගලගෙදර ආසන සංවිධායකවරයා ලෙස පත්කළ බවත් එවැනි ආකාරයට යෞවන සමාජ දේශපාලණීකරණය කළ රනිල් වික්‍රමසිංහ වර්තමාන ආණ්ඩුවට සාකච්ඡා කිරීමට උපදෙස් දෙන බවත් තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා අද (10) පැවසීය.
නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා කොළඹදී අද (10) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් එසේ පැවසීය.
රටේ ජනතාව පරාජය කර ප්‍රතික්ෂේප කළ ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවත් තරුණ සේවා සභාවේ ජාතික සම්මේලනයේ ජාතික සම්මේලනයේ ලේකම් ධූරයේ සිටි තනුජ නවීන් නැමැති පුද්ගලයා 2024 වසරේ පාලිත රංගේ බණ්ඩාර මහත්මයා මැදිහත්ව ගලගෙදර ආසන සංවිධායකවරයා ලෙස පත්කළ බවත් ඒ මහතා කීය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පත්කළ පසිඳු ගුණරත්න නැමැති හිටපු සභාපතිවරයා ‘යූත් සමිට්’ කියන තරුණ සේවා සභාව මහරගමදී සංවිධානය කළ වැඩසටහනේදී රනිල් වික්‍රමසිංහට ඡන්දය දෙන ලෙස ප්‍රකාශ කළ බව කී නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා ජනාධිපතිවරණ සමයේදී රනිල්ව පිම්බීමට රුපියල් මිලියන 536 ක මුදල් වැයකර රටවටේ සංගීත ප්‍රසංග පැවැත්වූ බව ද සඳහන් කළේය.
රුපියල් මිලියන 168 ක වංචාවක් වී ඇති බව ද විගණකාධිපති වාර්තාවේ සඳහන් වන බව කී නියෝජ්‍ය අමාත්‍යවරයා එවැනි තත්වයක් තිබියදී රනිල්ලා අද වර්තමාන ආණ්ඩුවට ප්‍රකාශ කරමින් සිටින බව ද වැඩිදුරටත් සඳහන් කළේය.

