රනිල් මකුලෑවේ මහා නා හිමි බැහැ දකී


(අංජුල මහික වීරරත්න)

නියමිත වේලාවට ජනාධිපතිවරණය පැවැත්වීමේ අවශ්‍යතාව මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට දැනුම් දුන් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මකුලෑවේ විමල රාමඤ්ඤ මහා නිකායේ මහා නා හිමියන්ට අද දැනුම් දුන්නේය.

රාමඤ්ඤ මහා නිකායේ නාරාහේන්පිට මහා සංඝ මූලස්ථානය වෙත ගිය ජනාධිපතිවරයා එහිදී රාමඤ්ඤ මහා නිකායේ මහා නාහිමි බැහැ දුටුවෙිය.

රටේ ආර්ථික හා මූල්‍ය ප්‍රගතිය පිළිබඳව ජනාධිපතිවරයා මහ නා හිමියන් දැනුවත් කළේය.