
(අංජුල මහික වීරරත්න)
ඇප මත මුදා හැරුණු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි දින කිහිපයේද කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබීමට නියමිත බව වික්‍රමසිංහ මහතාගේ දේශපාලන කාර්යාලය පවසයි.
රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට පත් වූ අවස්ථාවේ පටන් " ව්‍යවස්ථාපිත ඒකාධිපතිවාදය පරදවමු" මැයෙන් පුළුල් විරෝධතා වෙනුවෙන් දායක වූ සියලු පාර්ශව වෙත කෘතවේදිව ස්තූතිය පළ කරන බවද එම කාර්යාලය කියයි
වෛද්‍ය ප්‍රතිකාර කටයුතු අවසන් වීමෙන් පසුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියලු පාර්ශව ආමන්ත්‍රණය කිරීමට අපේක්ෂිත බවද එම කාර්යාලය සඳහන් කරයි.

