(අංජුල මහික වීරරත්න)
තුන්වන ධුර කාලය සඳහා තේරී පත්වූ චීන ජනාධිපති ෂී ජින්පිං මහතා වෙත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සුබ පැතුම් පළ කර තිබෙි.
ෂී ජින්පිං මහතාගේ නායකත්වය යටතේ චීනය ලැබූ ප්‍රගතිය අගය කළ ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ ආර්ථික අභියෝග හමුවේ මෙන්ම විශේෂයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වූ ක්‍රියාවලියේදී චීනය දක්වන සහයෝගය අගය කළේය.
දෙරටේ සහයෝගීතාව චීන ජනාධිපතිගේ නව ධුරකාලය තුළ තව දුරටත් ශක්තිමත්ව වර්ධනය වනු ඇතැයි ද ජනාධිපතිවරයා විශ්වාසය පළ කළේය.

