රනිල් - මහින්ද සාකච්ඡාවේ රජයේ ස්ථාවරය ගැන විශේෂ ප්‍රකාශයක්


(නිමල කොඩිතුවක්කු)
 
පාස්කු  ඉරිදා ප‍්‍රහාරයෙන් පසු  රටේ ආර්ථිකය සහ ජනතාවට සහන  ලබාදීම පිළිබඳව  අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ  මහතා ප‍්‍රමුඛ රජය සමඟ විපකෂ නායක  මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රමුඛ කණ්ඩායම පැවැත්වූ  සාකච්ඡාව ගැන රජයේ ස්ථාවරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී  විශේෂ ප‍්‍රකාශයක් කිරීමට රජය තීරණය කර තිබේ.
 
ඒ අනුව බ‍්‍රහස්පතින්දා (06) මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් මෙම ප‍්‍රකාශය සිදුකිරීමට නියමිතය.
 
එහිදී පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසු ආර්ථිකය ගොඩනැගීම සඳහා රජය ගෙන ඇති පියවර, සංචාරක ක්ෂේත‍්‍රය ඇතුලූ  විවිධ ක්ෂේත‍්‍ර සඳහා  රජය ලබා දී ඇති සහන, ආදිය සම්බන්ධයෙන් දීර්ඝ පැහැදිලි කිරීමක් සිදුකිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
 
පාස්කු  ඉරිදා ප‍්‍රහාරයෙන් පසු  රටේ ආර්ථිකය සහ ජනතාවට හානි  ලබාදීම සම්බන්ධයෙන්  විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා කළ ඉල්ලීමක්  මත  අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද(30) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී මෙම සාකච්ඡාව පැවැත්විණ.