රන්ජන්ට නිවාඩු දෙන්න බෑ-කතානායක


(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහීක වීරරත්න)

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා වෙනුවෙන් මැතිසබයේ නිවාඩු අනුමත කළ නොහැකි බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී අද (6)පැවැසීය.

කතානායකවරයා මෙසේ ද කීය.

මම කටයුතු කරන්නේ නීතියට අනුවයි. එතුමා වෙනුවෙන් නිවාඩු අනුමත කරන්න මට මේ මොහොතේ බැහැ. නඩු තීන්දුව මට තවම ලැබිලත් නැහැ. අධිකරණ තීන්දුවලට අපට බලපෑම් රක්න බැහැ.

රන්ජන් රාමනායක මන්ත්‍රිවරයාට මාස තුනක නිවාඩුවක් දෙන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලීමක් කළ අවස්ථාවේදී කතානායක වරයා එසේ පැවැසීය.