රන්ජන්ගේ මන්ත්‍රි ධූරයේ තිරණය හෙට


(තිළිණි ද සිල්වා)

රංජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය ඉවත් කිරීමට පියවර ගැනීම වළක්වාලන අතුරු නියෝගය නිකුත් කරනවාද ? නැත්ද? යන්න පිළිබඳ නියෝගය හෙට(05) අභියාචනාධිකරණය හමුවේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

මෙම රිට් පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායාදුන්නේ කොරයා මහත්වරුගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ ප්‍රකාශයට පත් කෙරේ.

මෙම තීන්දුව ප්‍රකාශයට පත් කෙරෙන තුරු රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා ලෙස දන්වමින් පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත අභියාචනාධිකරණය නිකුත් කර තිබූ නියෝගයද හෙට (05) දක්වා බලපැවැත් වේ.

පාර්ලිමේන්තු මහලේකම් විසින් තමාව පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත් කිරීමට පියවර ගැනීම වළක්වාලන ප්‍රොහිබිෂන් රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා රංජන් රාමනායක මහතා මෙම පෙත්සම ගොනු කර තිබිණි.