(ජයන්ත සමරකෝන්)
රිමාන්ඩ් භාරයේ පසුවන පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා හිස මුළුමනින්ම බූ ගාගෙන සිරකුටියේ තනිවී සිටින බව මැගසින් බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කරයි.
සැකකාර මන්ත්‍රීවරයා මෙතෙක් පැළඳ සිටි බොරු කොණ්ඩය ගලවා බාබර් පාටියේ සිරකරුවෙකු ලවා සම්පූර්ණයෙන්ම බූ ගා ඇතැයිද පැවසේ.
මේ පිළිබඳව මැගසින් බන්ධනාගාරයේ නිලධාරියෙකුගෙන් කළ විමසීමකදී ඔහු ප්‍රකාශ කළේ සැකකාර මන්ත්‍රීවරයා ‘පී‘ සිරකුටිය තුළ හිස මුළුමනින්ම බූ ගා ගෙන සිටින බවය.
ඔහු පැළඳ සිටි බොරු කොණ්ඩයද ගලවා දමා ඇතැයි ද ඔහු පැවසීය.

