( +++ සුජිත් හේවාජුලිගේ)
හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර යන මහත්වරුන් අතර සිදුවන දුරකතන සංවාදයක් ඇතුළත් ආන්දෝලනාත්මක තවත් හඬපටයක් සමාජ මාධ්‍යවල ඊයේ (12) සංසරණය වෙමින් තිබිණ.
ආරංචිමාර්ග සඳහන් කරන අන්දමට මෙය සමාජ මාධ්‍යවලට මෙතෙක් නිකුත් වී ඇති රන්ජන් රාමනායක හා ශානි අබේසේකර මහත්වරුන් අතර දුරකතන සංවාද ඇතුළත් තුන්වැනි හඬපටයයි.
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැදගත් තොරතුරු කිහිපයක් ද හමුදාවේ කර්නල්වරයකුගේ අතුරුදන් වීමක් ගැන ද මෙම දුරකතන සංවාදයෙන් තොරතුරු හෙළිදරව් වෙතියි කියති.
මේ අතර රන්ජන් රාමනායක මහතා හා ව්‍යාපාරිකයකු අතර සිදුවන දුරකතන සංවාදයක් ඇතුළත් හඬපටයක් ද සමාජ මාධ්‍යවල ඊයේ සංසරණය වෙමින් තිබිණ.
රන්ජන් රාමනායක මහතා භික්ෂුන්වහන්සේලා සම්බන්ධයෙන් කරන ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එම හඬපටයෙන් අසන්නට ලැබෙන බව පැවැසෙයි.
රන්ජන් රාමනායක මහතා හා සම්බන්ධ දුරකතන සංවාද සම්බන්ධයෙන් විවිධ සමාජ මාධ්‍යවලට මේ වනවිට නිකුත් වී ඇති හඬපට සංඛ්‍යාව විසිහතකි.
මේ ආන්දෝලනාත්මක හඬපට සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීහු පරීක්ෂණ සිදු කරති.

