
(බිමල් ශ්‍යාමන් ජයසිංහ ,ඉන්දිකා රාමනායක සහ ගයාන් සූරියආරච්චි)
කොල්ල කන ලද තීරෝද රථයකින් ගොස් රන්මාල කොල්ලකා ඒවා විකිණීම සඳහා පිටකොටුව හෙට්ටිවිදියට පැමිණ සිටි තිදෙනෙකුගෙන් යුත් කල්ලියක් අත්අඩංගුවට ගත් බව පිටකොටුව පොලිසිය කියයි.
එම සැකකරුවන් කොල්ල කන ලද රන්මාල තුනක් ද පොලිස් භාරයට ගෙන ඇත.
කුලී ගමනක් යන මුවාවෙන් ඇඹිලිපිටියේදී තීරෝද රථ රියදුරකු කැඳවාගෙන පැමිණ පල්ලෙ බැද්ද ප්‍රදේශයේදී රියදුරට පහරදී තීරෝද රථය කොල්ලකා ගම්පහ, කළුතර උතුර සහ දකුණ ප්‍රදේශවලදී මහමග ගමන් ගත් කාන්තාවන්ගේ ගෙල බැඳි රන්මාල කොල්ලකා තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබිණි. ගම්පහ ප්‍රදේශයේදී කොල්ල කන ලද රන් මාලයක් මිට පෙර සැකකරුවන් විසින් හෙටි වීදියට විකුණා තිබියදී සැකකරුවන් අනාවරණය කළ තොරතුරු මත පොලිසිය මගින් සොයා ගැනිණි

