(ටී.කේ.ජී.කපිල )
රන් බිස්කට් 40 ක් තම කලිසමේ දෙපස සාක්කු දෙකේ සඟවා ගෙන ගුවන් තොටුපළෙන් පිට කිරීමට රැගෙන යමින් සිටි ගුවන් තොටුපළ සේවකයකු අද (20) රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගත් සේවකයා කොළඹ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකි. සැකකරු ගුවන් තොටුපළින් පිට කිරිමට ගිය රන් බිස්කට්වල වටිනාකම රුපියල් තුන් කෝටි විසි ලක්ෂයක් වේ.
ගුවන් මගින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි මගියකු විසින් සංක්‍රමණික මගී පර්යන්තයේ දී ඔහුට මෙම රන් බිස්කට් තොගය ලබා දී තිබිණි.
එහි ග්‍රෑම් 100 ක බරින් යුතු රන් බිස්කට් 40 ක් තිබූ අතර ඒවායේ මුළු බර කිලෝ ග්‍රෑම් 4 ක් බව රේගුව ප්‍රකාශ කරයි.



