(ටී.කේ.ජී.කපිල)
රුපියල් කෝටි දෙකක් පමණ වටිනා රන් බිස්කට් විස්සක් තමන් පැළඳ සිටි පාවහන් තුළ සඟවා ගෙන ආ යුක්‍රේන ජාතික කාන්තාවක් අද (13) කටුනායක ගුවන්තොටුපළ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
ඇය 41 හැවිරිදි යුක්‍රේන ජාතික කාන්තාවකි . ඇය මීට පෙර දෙවතාවක් ද මේ ආකාරයට ශ්‍රී ලංකාවට පැමිණ ගොස් ඇති කාන්තාවක් බව සිදු කළ මූලික පරීක්ෂණ වලදී අනාවරණය කර ගෙන තිබේ .
ඇය පැළඳ සිටි පාවහන් දෙක තුළ කිලෝ ග්‍රෑම් 2 යි ග්‍රෑම් 320 ක් බර , ග්‍රෑම් 116 ක් බැගින් බරකින් යුතු වූ රන් බිස්කට් 10 බැගින්, රන් බිස්කට් 20 ක් සඟවා ගෙන තිබිණි .
මෙම රන් බිස්කට් තොගය සහ ඒවා නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ මෙම යුක්‍රේන ජාතික කාන්තාව ද වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගුවන්තොටුපළ රේගු නිලධාරීන්ට පහර දී තිබේ .



