( සුමිත් පොතුපිටිය සහ දයා හේමන්ත සිල්වා )
ආරක්ෂාවට ගෙදර අල්මාරියේ දමා තිබු රන් භාණ්ඩ අල්ලපු ගෙදර කාන්තාවට දී උකස් කර , එවා සොරකම් කර ඇති බවට කළ පැමිණිල්ලක් සම්බන්දයෙන් කළුතර උතුර පොලිසියෙන් වාර්තාවේ.
කළුතර උතුර , වස්කඩුව සමගිපුර.ප්‍රදේශයේ කාන්තාවක විසින් කල පැමිණිල්ලක් අනුව පරීක්ෂණ සිදුකිරීමේදී සිද්ධිය සැලවීමෙන් පසු පැමිණිලිකාර කත පැමිණිල්ල ඉල්ලා අස්කර ගත්බවද පොලිසියෙන් වාර්තා වේ.
අල්මාරියේ තිබූ රන්මාල දෙකක් සහ රන් මුදුවක් සොරකම් කර ඇති බවට අදාල කාන්තාව කළුතර උතුර පොලිසියේ පැමිණිල්ලක් කර තිබේ.
මේ සම්බන්දයෙන් විමර්ශන සිදුකිරීමේදී අසල්වාසී නිවසක කාන්තාවක පොලිසියට පැමිණ සදහන් කර ඇත්තේ පැමිණිලිකාර කතගේ ඉල්ලීම මත රන්භාණ්ඩ උකස් කර ඇයට මුදල් ලබාදුන් බවය.
රන්භාණ්ඩ උකස් කර ලබාගත් මුදල් ඇය කිහිප දෙනෙකුට පොලියට ලබාදුන් බවත් , ඒ පිළිබඳ ඇයගේ දරුවන් දැනගනීවී යන බිය නිසා පැමිණිල්ල කල බවට ප්‍රකාශ වලින් හෙලිව ඇතැයිද සදහන් වේ.

