රන් අාභරණ සමඟ අයෙක් ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට



(ටී.කේ.ජී.කපිල )
 
අර්ධ වශයෙන් වැඩ නිම කළ ස්වර්ණාභරණ තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපළේ දී  අත්අඩංගුවට ගත් බව රේගුව පවසයි.
 
මොහු කොළඹ , වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි ව්‍යාපාරිකයෙකි .
 
ඔහු ඊයේ (19 ) දින රාත්‍රී 11.30 ට සිංගප්පූරුවේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 307 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ , එහි කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති " හරිත මාවත " ඔස්සේ ගුවන් තොටුපළෙන් පිටව යමින් සිටියදී , ඔහුගේ ගමන් මල්ලේ සඟවා ගෙන තිබූ මෙම ස්වර්ණාභරණ තොගය සොයාගෙන රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ .
 
එහි රුපියල් හැට නව ලක්ෂයක් වටිනා , කිලෝ ග්‍රෑම් 01 යි , ග්‍රෑම් 150 ක් බර අර්ධ වශයෙන් වැඩ නිම කළ මෙම මාල තොගයක් තිබූ බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය .
 
මෙම රන් තොගය තොගය රාජසන්තක කර , මෙම ව්‍යාපාරිකයාට රුපියල් ලක්ෂ පහක දඩ මුදලක් ගෙවන ලෙස ද නියෝග කර තිබේ .