රත්රන් තොග සඟවා හිඟයක් මවා පායි


(රංජන් කස්තුරි)

රත්රන් මිල ඉහළ යාමට හේතුව රන් ආභරණ නිෂ්පාදකයන් රන්තොග සඟවා ගැනීම යැයි වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

රත්රන් ආයනයන සීමාකර ඇති හෙයින් ප්‍රධාන පොළේ රන් ආභරණ නිෂ්පාදකයන් තමන් ළඟ තිබෙන රන් තොග සඟවා වෙළෙඳපොළේ කෘත්‍රීම රන් හිඟයක් මවා ඇතැයි ද එම නිසා  පවුමක මිල ඉහළ ගොස් ඇතැයි ද වාර්තා වේ.

මේ පිළිබඳව අප කළ විමසුමකදී මැණික් හා ස්වරණාභරණ ආශ්‍රිත කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම්  එස්.එම්.පියතිස්ත මහතා සඳහන් කළේ  රත්රන් ආනයනයන කිරීමට බලය ඇත්තේ ලංකා බැංකුවට පමණක් බවයි.

ඉදිරියේදී රත්රන් ආනයනයක කළ පසුව දැනට පවතින මිල ගණන් පහත යනු ඇතැයි ද පියතිස්ස මහතා පවසයි.