අජිත්ලාල් ශාන්තඋදය
වරින්වර කඩා හැලෙන වැසි සමග පවතින අයහපත් කාලගුණ තත්ත්වයන් හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස පහකට පළමු අදියරේ නායයාමේ අනතුරු නිකුත් කළ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.
රත්නපුර, කුරුවිට, ඇහැලියගොඩ, කලවාන, සහ නිවිගල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට මෙම අනතුරු ඇඟවීම නිකුත් කර ඇත.
මේ අතර කලුගඟේ ජල මට්ටම අද අලුයම ගංවතුර අවදානම් මට්ටමට වූ මීටර් 5.2ට වඩා ඉහළ ගියේය.
නිරිඇලි, දෙනවක් සහ කුරු යන ගංගාවල ජල මට්ටම් තවදුරටත්අ ද උදෑසන නව විටත් ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ගංවතුර මට්ටම් පෙන්වන ජල මාපකවල දත්ත තහවුරු කළේය.
වේගඟේ සහ කුකුළේ ගඟේ ජලමට්ටම් ද සාමාන්‍ය මට්ටම වඩා ඉහළ ගොස් ඇත.


