
(අජිත්ලාල් ශාන්තඋදය)
රත්නපුර නව නගරයේ පිහිටි පළාත් ආයුර්වේද රෝහල 05දා සිට කෝවිඞ් 19 ප‍්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පත්කළ බව සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා පවසයි.
කෝවිඞ් 19 රෝගීන් වෙනුවෙන් ප‍්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යන රත්නපුර ශීක්‍ෂණ මහ රෝහලේ කෝවිඞ් වාට්ටු මේවනවිට කෝවිඞ් ආසාදිත රෝගීන්ගෙන් පිරී පැවතීම නිසා ආයුර්වේද රෝහල ද කොවිඞ් ප‍්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස මෙලෙස නම් කර තිබේ.
ආයුර්වේද රෝහලේ එකවර නේවාසික රෝගීන් අසූවකට ප‍්‍රතිකාර ලබාගත හැකි බව කී පළාත් ආයුර්වේද කොමසාරිස් ඩග්ලස් පතිරගේ මහතා මෙහි බටහිර වෛද්‍ය සහ ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සේවාවන් ලබාදෙන බව ද කීය.
කෝවිඞ් 19 වැළඳුන බොහෝ රෝගීන් ශ්වසන අපහසුතා පෙන්නුම් කරන බැවින් ආයුර්වේද රෝහලේ ප‍්‍රතිකාර ලබන රෝගීන්ට අවශ්‍ය ඔක්සිජන් පහසුකම් සහ කාර්ය මණ්ඩල පහසුකම් රත්නපුර ශික්‍ෂණ මහ රෝහල වෙතින් සපයනු ලබයි.

