රත්කිද ජලාශයේ සියලු වාන්දොරටු විවර කරයි


( නිශාන්ත කුමාර)

පෝෂක ප්‍රදේශයන්ට ඇද හැලෙන  වැසි තව දුරටත් වර්ධනය වීම හේතුවෙන්  උල්හිටිය රත්කිඳ ජලාශයේ පිටවානේ තවත්  ජල පාලන දොරටු හතරක් අද (12) උදෑසන විවෘත කල බව ජලාශය භාර නිලධාරී දීප්ත ජයසේකර මහතා පැවැසීය.

ඒ අනුව පිටවානේ සියලුම ගේට්ටු (ගේට්ටු හතම) විවෘත කර ඇත.

රත්කිඳ ජලාශයේ ජල මට්ටම පිරිසැපයුම් මට්ටම ඉක්මවා ගොස් ඇති අතර එය නියමිත මට්ටමේ පවත්වාගැනීම පිණීස  මාපාකඩ  කාර්ය භාර ඉංජිනේරුවරයාගේ උපදෙස් පරිදි මෙලෙස එහි ජල පාලන දොරටු   විවෘත  කල බව ජලාශය භාර නිලධාරී දීප්ත ජයසේකර මහතා පැවැසීය.

ඒ අනුව ජල පාලන දොරටු තුනක් මීටර් එක (01) බැගින්ද ඉතිරි ගේට්ටු තුන මීටර් 0.5 බැගින්ද විවෘත කර ඇත.ජල පාලන දොරටු විවෘත කිරීම හේතුවෙන්   ජලාශයට පහළින් පිහිටි  රත්කිද-ගිරාදුරුකෝට්ට මාර්ගයේ  කෝසුවද මේවන විට ජලයෙන් යටව ඇත.

  ඉදිරි පැය කීපය තුළදී ඇද හැලෙන වර්ෂාවේ තිවෘතාව මත ජල පාලන දොරටු  විවෘත කරන ප්‍රමාණයන්  වෙනස් විය හැකි බවද   දීප්ත ජයසේකර මහතා වැඩිදුරටත් පැවසීය.