(ඩබ්.ඒ.පියතිලක)
අතුරලියේ රතන හිමියන් විසින් ආරම්භ කළ උපවාසයට සහය පළ කිරීමට පොළොන්නරුව ලංකාපුර ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ හිටපු සභාපති ශ්‍රී බිම්බාරාමයේ විහාරාධිපති යටිහලගල උපතිස්ස හිමියෝ අද (3) උපවාසයක් ඇරඹුහ.
අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ ආණ්ඩුකාරවරු දෙදෙනෙකු ධුරයෙන් ඉවත්කිරිම ඇතුළුව ඉල්ලීම් හතරකට බල කරමින් රතන හිමියෝ මෙලෙස උපවාසයේ නිරත වෙති.
මේ සඳහා පොලොන්නරුව ලංකාපුර ශාසන ආරක්ෂක බලමණ්ඩලයට අයත් විහාරස්ථාන රැසක ස්වාමින් වහන්සේලා සහභාගී වී සිටියහ.
මෙම උපවාසයට සහයෝගය දැක්විම සදහා බි.ඕ.පි.400 නගරයේ සියලුම වෙළදසැල් (3) වසා දැමීමට වෙළද සංගමය තීරණය කර ඇත.


