රණවිරුවන් සහ මිනීමරුවන් අතර වෙනස ආරක්ෂක ලේකම් පහදයි


රංජන් කස්තුරි 

‘‘යුද්ධයට සම්බන්ධ වෙලා ගමට ඇවිත් මිනී මැරුවොත් එයා රණවිරුවෙක් නෙමෙයි මිනීමරුවෙක්. එවැනි මිනීමරුවන් අධිකරණයට ගෙනත් උපරිම දඬුවම් දෙන්න ඕනෑ‘‘ යැයි අරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා අද පැවසීය. 
 

‘‘මේ රටේ රණවිරුවන් ඉන්නේ 39000යි. ඉන් 34000ක්ම යුද්ධ හමුදා සාමාජිකයින්. නාවික හමුදා සාමාජිකයින් 4400ක් ඉන්නවා. ගුවන් හමුදාවේ ඉන්නේ ඉතිරි ප්‍රමාණයයි.‘‘ යැයි ද ප්‍රනාන්දු මහතා කීවේය.
 
‘‘යුද හමුදාවට බැඳුනු පලියට රණවිරුවෙක් වෙන්නේ නැහැ. මීට මාස තුනකට උඩදී හමුදාවට බැඳුණු තරුණයෙක් බස් එකෙන් ඇවිත් ගමේ බහින්නේ රණවිරුවෙක් කියාගෙන. ඇත්තටම එහෙම වෙන්නේ නැහැ. රණවිරුවෙක් නම් තමන්ගේ නමට රණවිරු පදක්කමක් ගැසට් කළ යුතුම වෙනවා. ‘‘ යැයි ද ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශ කළේය.
 
ආරක්ෂක ලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේ කොළඹ නාලන්දා විද්‍යාලයේ පැවැති උපහාර උත්සවයකට සහභාගී විමිනි.