රටේ සෞඛ්‍ය පද්ධතිය දැඩි අවදානමක


(නිමල කොඩිතුවක්කු)

කොරෝනා වසංගතයේ සීඝ්‍ර ව්‍යාප්තිය හමුවේ රටේ සෞඛ්‍ය පද්ධතිය සහ රෝහල් පද්ධතිය බරපතළ අවදානමකට ලක්ව ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මේ හේතුවෙන් කොරෝනා රෝගීන් ඇතුළු බොහෝ රෝගීන් දැඩි පීඩනයකට සහ අසීරු තාවයකට පත්ව ඇති බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ විපක්ෂයෙන් හුස්මක් වැඩසටහන මගින් යාපනය ශික්ෂණ රෝහලට අත්‍යවශ්‍ය රෝහල් උපකරණ  පරිත්‍යාග කිරීමට කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේදී එක්වෙමිනි.

නපුරු ඉරණමක අවදානම පෙනි පෙනීත් ආණ්ඩුව වගකීම් විරහිත ලෙස හැසිරෙන බවත් විපක්ෂනායකවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.