(ගම්පහ තිලකරත්න දිසානායක)
වෙළඳ පොලෙහි සියලුම සහල් මිල රජය මගින් පනවා ඇති පාලන මිල ගණන් ඉක්මවා ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.
ඇතැම්ති ප්‍රදේශවල සහල් හිඟයක් පැවැතීම නිසා තත්ත්වයක් පැවතීමෙන් පාරිභෝගිකයෝ දැඩි අසීරුතාවයකට පත්ව සිටිති.
ඇතැම් වෙළඳසල්වල සහල් මිල ඉහළ දමා තිබුණි. ඒ අනුව රතු කැකුළු කිලෝවක් - රුපියල් 95 ත් 100 ත් අතර, සුදු කැකුළු - රුපියල් 102 ත් 105 ත් අතර, නාඩු කිලෝවක් - රුපියල් 110 ත් රුපියල් 115 අතර සහ සම්බා සහල් කිලෝවක් - රුපියල් 115 ත් රුපියල් 125 ත් අතර මිලකට අලෙවි කළේය.
මෙලෙස මිල ගණන් ඉහළයාම සම්බන්ධයෙන් වෙළඳසල් හිමියන්ගෙන් විමසිමේදී පවසා සිටියේ මෝල්කරුවන් ලබා දෙන මිල ගණන් අනුව රජයේ පාලන මිලට ලබාදීම කළ නොහැකි බවත් සහල් ලබාදීම සීමා කොට ඇති බැවින් පවතින සහල් තොග මෙලෙස වැඩි මිලට අලෙවි කිරීමට සිදුව ඇති බවත්ය.
මේ අතර ගම්පහ ප්‍රදේශයේ සතොස වෙළඳසල්වල නාඩු සහල් නොමැති තත්ත්වයක් පවතින බවද දැනගන්නට ලැබිණි.
පවතින තත්ත්වය සම්බන්ධයෙන් සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ගේ සංගමයේ සභාපති බී.කේ.රංජිත් මහතාගෙන් විමසීමක් කළ අතර ඔහු සදහන් කර සිටියේ , මේ වන විට කුඩා මෝල් කරුවන් විසින් සහල් සකස් කිරීම නොකරන බවත් මහා පරිමාණයේ සහල් මෝල් හිමිකරුවන් විසින් සහල් සුළු ප්‍රමාණයක් වෙළඳ පොලට නිකුත් කිරීම හේතුවෙන් සහල් මිල ගණන් ඉහළ යාම සහ වෙළඳ පොලෙහි යම් වශයෙන් සහල් හිගයක් නිර්මාණයවී ඇති බවත්ය.
මේ අතර සහල් මිල දරාගත නොහැකි අන්දමින් මෙලෙස ඉහළ යාම පිළිබඳව පාරිභෝගිකයින් කිහිප දෙනෙකුම අදහස් දක්වමින් ප්‍රකාශ කොට සිටියේ , මේ වනවිට සහල් මිල දැරිය නොහැකි ලෙස ඉහළ ගොස් ඇති බැවින් රජය කෝටි දෙකකට අධික රටේ ජනතාව ගැන සිතා ක්‍රියාමාර්ග ගත යුතුව ඇති බවය.

