( පුෂ්පකුමාර මල්ලවආරච්චි )
ශ්‍රී ලංකාවේ සංචාරයට පැමිණ සිටින විදේශිකයින් ගෙන්වා ගැනීම සඳහා රුසියාව සහ ස්විට්සර්ලන්තය අද (27) ගුවන් යානා තුනක් කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබේ.
මෙම ගුවන් යානා ශ්‍රී ලංකාවට පැමිණියේ මගීන් රහිතවය . පවත්නා තත්ත්වය මත හෝටල් වල රැඳී සිටින සංචාරකයින් තම රට වලට ගෙන්වා ගැනීම සඳහා මෙසේ ගුවන් යානා පැමිණ තිබේ.
සිය රට වලින් කළ දැනුම්දීම පරිදි විදේශීය සංචාරකයින් විශාල පිරිසක්ද අද 27අලුයම වන විට ගුවන් තොටුපළ කරා පැමිණ සිටි බව එහි ප්‍රකාශයෙක් කීය .
සංචාරකයින් ගෙන්වා ගැනීම සඳහා තවත් ගුවන් යානයක් ඊයේ (26) සවස කටුනායක ගුවන් තොටුපොළට පැමිණීමට නියමිතව තිබිණි .
මේ අතර ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ යානා ගුවන් තොටුපළ පර්යන්තයේ පසෙක නවතා තිබේ .



