
(ටී.කේ.ජී.කපිල )
රුපියල් පන් කෝටි පනස් ලක්ෂයක් වටිනා රටබීම බෝතල 673 ක් සහ ඉන්දියාවේ නිෂ්පාදිත කරදමුංගු කිලෝ ග්‍රෑම් 75 ක් , කටුනායක ගුවන් තොටුපොළ පළමු මහළේ , තීරු බදු රහිත සාප්පු සංකීර්ණ පරිශ්‍රයේ අතහැර දමා ගොස් තිබියදී අද(13) අලුයම ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් සොයා ගෙන අත් අඩංගුවට ගෙන තිබේ .
මෙම රටබීම සහ කරදමුංගු තොගය කුමන ගුවන් යානයක පැමිණි කුමන ගුවන් මගියෙකු විසින් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන එන්නට ඇත්දැයි සොයා රේගු නිලධාරීන් විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ .
මෙහිදී මෙම රටබීම සහ කරදමුංගු තොගය දමා ගොස් තිබූ ගුවන් තොටුපොළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ , සාප්පු වල සේවකයින්ගෙන් ප්‍රශ්න කරමින් සහ ගුවන් තොටුපොළ ආරක්ෂක කැමරා පද්ධතිය නිරීක්ෂණය කරමින් මේවායේ හිමිකරුවන් අනාවරණය කර ගැනීමට රේගු නිලධාරීන් ප්‍රයත්න දරමින් සිටිති .

