
(අංජුල මහික වීරරත්න)
කෝවිඩ් දීමනා සහ සහන කප්පාදුව සම්බන්ධයෙන් සාධාරණ විසඳුමක් නොලැබීම නිසා අද වෘත්තීය ක්‍රියාමාර්ගය දිවයින පුරා රෝහල්වල සාර්ථකව ක්‍රියාත්මක කළ බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පැවසීය.
මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ අරමුණ රෝගීන් අපහාසුතාවයට පත් කිරීම නොව කොරෝනා මර්දන කටයුතු තවත් සාර්ථක කර ගැනීම සඳහා සෞඛ්‍ය කාර්යය මණ්ඩලයට අවශ්‍ය පහසුකම් ලබා ගැනීම බවද රත්නප්‍රිය මහතා සඳහන් කළේය.
වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට ලිඛිතව දැනුම් දී තිබෙන බවද රත්නප්‍රිය මහතා පැවසීය.
කොරෝනා මර්දනය සඳහා සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට නිසි පහසුකම් ලබා නොදීම ,කොවිඩ් වසංගතය අවසන් වනතුරු රුපියල් 7500 දීමනාව අඛණ්ඩව ලබා නොදීම ,අතිකාල නිවාඩු ගෙවීම් සීමාවන් ඉවත් නොකිරීම,සියලු සේවාවන්වල පුරප්පාඩු නොපිරවීම,සෞඛ්‍ය සේවාව සංවෘත සේවාවක් බවට පත් නොකිරීම,කෝවිඩ් විශේෂ නිවාඩු කප්පාදුවකින් තොරව ලබා නොදීම,බහුකාර්ය සංවර්ධන බලකා සේවකයන් සෞඛ්‍ය ආයතන වලින් ඉවත් නොකිරීම,වෘත්තීය සේවාවන් සඳහා මාණ්ඩලික තත්ත්වය ලබාදීමට එකඟ වූ චක්‍රලේඛය නිකුත් නොකිරීම යන කරුණු මුල් කරගනිමින් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ගත් බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පැවසීය.
කොළඹ ජාතික රෝහල (ඡායාරූප ශාන්ත රත්නායක)





කොළඹ උතුර රාගම රෝහලේ සුව සේවකයන් සිය සේවා කටයුතුවලින් ඉවත්ව සිටින අයුරු (රාගම විමුක්ති එස් රුද්‍රිගු)



(ඇල්පටිය චන්ද්‍රසිර ගුණසේකර)


ගම්පහ මහ රෝහල (තිලකරත්න දිසානායක)

හෝමාගම රෝහල (ශාන්ත ප්‍රදීප් කුමාර)


(අම්බලන්ගොඩ සනත් ගමගේ)



දඹුල්ල කාංචන කුමාර ආරියදාස




