(යොහාන් භාසුර)
දිවයින පුරා පසුගිය වසරේ නොවැම්බර් මස 29 සහ දෙසැම්බර් මස 3 දෙදින විදුලිය බිඳ වැටීමට පුද්ගල මැදිහත්මක් සිදුවී නොමැති බව බැහැර කළ නොහැකි බවත් එම සිද්ධිය පිළිබඳව පරීක්‍ෂණයට පරිගණක ප්‍රවීණයන්ගේ සහාය ලබාගත යුතු බවත් එම සිද්ධිය පිළිබඳව විමර්ෂණය කළ කමිටුව නිර්දේශ කර තිබේ.
මෙම සිද්ධීන් පිළිබඳව කළ විමර්ශනයේදී විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් දුන් තොරතුරු සහ දත්ත මත පුද්ගල මැදිහත්මක් නොවූයේ යැයි ස්ථිරව බැහැර කළ නොහැකි බව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ එම විමර්ශන කමිටු වාර්තාව සඳහන්ව ඇති බව විදුලිබල අමාත්‍යංශය පවසයි.
මෙම සිද්ධියෙන් පසුව නොරොච්චෝලේ බලාගාරය මාසයක් අක්‍රීයව තිබූ බව ද විදුලිබල මණ්ඩලය වැඩි දුරටත් කීය.