
(රොමේෂ් ධනුෂ්ක සිල්වා )
ගුරු විදුහල්පති වැටුප් ගැටලු විසඳීම ඇතුළු ඉල්ලීම් රැසක් මුල්කරගනිමින් ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය සංවිධානය කළ උද්ඝෝෂණ මාලාවක් අද දින දිවයිනේ නගර රැසකදී පැවැත්විණි.
ඔන්ලයින් ඉගැන්වීමට අදාළ සියලු පහසුකම් ගුරුවරුන්ට ලබා ගැනීම ,දරුවන්ගේ අධ්‍යාපන අයිතිය සහතික කිරීම ඇතුළු ඉල්ලීම් රැසක් මුල් කර ගනිමින් මෙම උද්ඝෝෂණ මාලාව සංවිධානය කර තිබුණි.
කොරෝනා ව්‍යාප්තිය පාලනය සඳහා මාස කීපයක් වසා දැමු තිබු පාසල් හි ප්‍රාථමික අංශයවල අධ්‍යාපන කටයුතු නිමවීමෙන් අනතුරුව ගුරුවර ගුරුවරියන් විශාල පිරිසක් මෙම උද්ඝෝෂණය සඳහා එක්ව සිටියහ.
(ඡායාරූප: ශාන්ත රත්නායක)



(ඡායාරූප: රොමේෂ් ධනුෂ්ක සිල්වා )


දඹුල්ල නගරයේ පැවැති ගුරු උද්ඝෝසණය (කාංචන කුමාර ආරියදාස)

කුලියාපිටිය නගරයේ පැවැති ගුරු උද්ඝෝෂණය (දිනේෂ් උපේන්ද්‍ර)

දිවුලපිටිය නගරයේ (පුෂ්පකුමාර මල්ලවාරච්චි)


