රට වැටිලා නෑ:වැටී ඇත්තේ පාලකයන්


(රංජිත් රාජපක්ෂ)

අපේ රට දුප්පත් රටක් නොවෙයි. සම්පත්වලින් බහුල රටක්. දුප්පත් රටක් නම් රට වැසියන්ගෙන් මෙතරම් බදු මුදලක් අය කරන්නේ ඇයි ? අපේ රට වැටිලා නැ , වැටිලා තියෙන්නේ ආණ්ඩුව නැතිනම් පාලකයෝ යැයි බව ශ්‍රි පාදස්ථානාධිපති සබරගමු පළාත් ප්‍රධාන සංඝ නායක බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියෝ පවසති.

රටක් පවත්වාගෙන යන්න බදු මුදල් අවශ්‍යයි , රටේ ජනතාවත් පොහොසත් කරලා රටත් පොහොසත් වෙන්න ඕනි. රටේ පවතින්නේ පරිපාලන ගැටළුවක් මිස අපේ රටේ වැටීමක් නොවේ.

ශ්‍රි පාදස්ථානාධිපති හිමියන් ඒ බැව් කියා ශ්‍රි පාද වන්දනා වාරය ආරම්භ කිරිම සම්බන්ධයෙන් නල්ලතන්නිය ග්‍රාමසේවා කාර්යාලයේ පැවති සාකච්ඡාවේදිය.