රජ්‍ය සේවක වැටුප් එන වසරේ අනිවාර්යෙන් වැඩි කරනවා‘‘


(හේමන්ත ද සිල්වා)

රජ්‍ය සේවක වැටුප් ලබන වසරේදී අනිවාර්යයෙන්ම වැඩි කරන බව වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය ඇමති නලින් හේවගේ මහතා පවසයි.

රජයේ සේවකයන් හරියට රාජකාරී කරනවා නම් රට හැදෙනවා.අපි ප්‍රමෝට් කරන්න එපා. රජය දෙන වැඩ කළාම ඇති. රජයේ සේවකයන්ගේ වැටුප  වසර තුනේ වැඩි කිරීමට කටයුතු කරනවා.අපි අපේක්ෂා කරනවා. ඔබේ රාජකාරිය හරියට කරයි කියා. නිලධාරී කීපදෙනකු ඕන නැති වැඩ කරලා තිබෙනවා. ආණ්ඩුව ප්‍රමෝට් කරන්න ඕනේ නැහැ. රජය දෙන වැඩ කරන්න.

මේ රැස්වීමට අද නොපැමිණි නිලධාරීන් ගැන අමාත්‍යාංශ ලේකම්වරුන්ට ලිපියවා මටද පිටපතක් දෙන්න යැයිද අම්බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවති ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ මුලසුන හොබවමින් නියෝජ්‍ය ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය.