
(දයාරත්න ඇඹෝගම)
උතුරු මැද පළාතේ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමේ අරමුණින් වෙබ් අඩවියක් නිර්මාණය කිරිම සදහා ලබාදුන් රුපියල් ලක්ෂ 160 කට ආසන්න මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන ලෙසට උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ප්‍රධාන අමාත්‍යශයේ ලේකම්වරයාට නියම කළේය.
උතුරු මැද පළාතේ සංචාරක කර්මාන්තය වැඩි දියුණු කිරිම සදහා වෙබ් අඩවියක් නිර්මාණය කිරීමටත්, උතුරු මැද පළාතේ සංචාරක තොරතුරු ඇතුලත් සීඩි පටයක් සහ ජාත්‍යාන්තර මට්ටමේ ග්‍රන්ථයක් සැකසීම සදහාත් මෙම මුදල 2016 වසරේදි කොන්ත්‍රාත්කරකුට ලබාදි තිබුණි.
මේ සම්බන්ධයෙන් එම කොන්ත්‍රාත්කරුවා සමග ගිවිසුම් ගතව තිබුණද මෙතෙක් එම කාර්ය ඉටුවී නැති බවද එම මුදලට සිදුවු දෙයක් නොමැති බව ද මෙහිදි අනාවරණය විය.
ඒ අනුව එම කාර්ය ඉටු නොකර මුදල් වංචාවක් සිදුකර ඇති බැවින් ඒ පිළිබදව වහාම නීති මගින් කටයුතු කරන ලෙසත් ඊට අමතරව වහාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර එම වංචාව සිදු කළ අයට විරුද්ධව කටයුතු කරන ලෙසත් ආණ්ඩුකාරවරයා මෙහිදි නියම කළේය.

