(අංජුල මහික වීරරත්න)
රටේ දුක් විඳින අහිංසක ජනතාව වෙනුවෙන් හරියට ප්‍රතිකාර කිරීම සඳහා පහසුකම් දෙන්නැයි ඉල්ලමින් අද (3) දහවල් 12 සිට 12:30 දක්වා සේවයෙන් බැහැර වී සියලු රෝහල් වල නිහඬ උද්ඝෝෂණයක් කරන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පවසයි.
හෙද සේවය ඇතුළු සෞඛ්‍ය සේවයේ වෘත්තීය සමිති විසිහතරක් මෙම විරෝධතාවයට එක් වන බව කී රත්නප්‍රිය මහතා මීට සමගාමීව දිවයිනේ රෝහල් නවයක හෙට පෙරවරු 7 සිට දහවල් 12 දක්වා පැය පහක් සේවයෙන් බැහැර වී විරෝධය පළ කරන බව ද සඳහන් කළේය. කෙසේ වෙතත් මෙම විරෝධතාවයේදී කොරෝනා වාට්ටුවල ප්‍රතිකාර කටයුතු වලින් ඉවත් වීමක් සිදු නොවන බව ද රත්නප්‍රිය මහතා කියයි.
කොළඹ ජාතික රෝහල, මහනුවර රෝහල, පේරාදෙණිය, අනුරාධපුර ,කරාපිටිය, යාපනය, මඩකලපුව ,කලුබෝවිල සහ රත්නපුර රෝහල්වල පෙරවරු හතේ සිට දහවල් 12 දක්වා පැය පහක් සේවයෙන් බැහැර වී සිටීමෙි විරෝධතාවයක් පවත්වන බව කී රත්නප්‍රිය මහතා සෞඛ්‍ය සේවකයන් ඉල්ලා සිටින්නේ ගෙදර ඉන්න අවස්ථාවක් නොව වැඩ කරන්න අවස්ථාවක් යැයිද සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට N 95 මාක්ස් එකක්වත් දෙන්නට ආණ්ඩුව අසමත් වී ඇතැයි ද පැවසීය.

