රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයත් අනතුරු අඟවයි


(රංජන් කස්තුරි)

ජූනි මාසය තුළ කොරෝනා රෝගීන්ගේ දැඩි ව්‍යාප්තියක් ඇති විය හැකි හෙයින් සෞඛ්‍ය ධාරිතාවයට දරාගත නොහැකි තත්ත්වයක් හටගැනීමේ අවධානමක් ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි.

එම නිසා ඉදිරි සති දෙක තුළ දැඩි සංචරණ නීති පැනවිය යුතු යැයිද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා පවසයි.