රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය 2වැනිදා සිට වර්ජනයක


වැටුප් ගැටලුව සම්බන්ධයෙන් කඩිනමින් විසඳුමක් නොලැබුණහොත් එළඹෙන බදාදා(02) සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය  පවසයි.

අලුතින් පත්කරනු ලැබූ කැබිනට් මණ්ඩලයේ අනු කමිටුව විසින් වැටුප් ගැටලුවට විසඳුමක් ලබානොදුනහොත් මෙම ක්‍රියාමාර්ගයට යන බව එම සංගමය වැඩිදුරටත් කියාසිටී.

පසුගිය සතියේදී මෙම අනුකමිටුවට පත්කරන ලද පිරිස අතර, අමාත්‍ය මංගල සමරවීර, රංජිත් මද්දුම බණ්ඩාර, වජිර අබේවර්ධන, රාජිත සේනාරත්න සහ රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ යන මහත්වරුද වෙති.

මෙම වැටුප් ගැටලුවට වසර 2ක් තිස්සේ විසඳුම් ලබාදී නොමැති බව ද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි.

මෑතකදී ආපදාවට ලක්වූ පිරිස සහ රෝගීන් සම්බන්ධයෙන් සලකා මේවනතුරු වර්ජනය ආරම්භ නොකළ බව ද එම නිලධාරීහු පැවැසූහ.

 (16844)