රජයේ වියදම් අඩුකරන හැටි කබ්රාල් කියයි


(සුජිත් හේවාජූලිගේ සහ අංජුල මහීක වීරරත්න)

පෞද්ගලික ගොඩනැගිලිවල පවත්වාගෙන යන අමාත්‍යංශ ගෙන යෑම සඳහා නව කාර්යාල සංකීර්ණයක් ඉදිකිරීමට නාගරික සංවර්ධන අධිකාරිය කටයුතු කරගෙන යන බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

බදුලු දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද  විජේසිරි මහතා (ස.ජ.බ) මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

අමාත්‍යංශ තුනක් ලෝක වෙළෙඳපොළ මධ්‍යස්ථානයේ පවත්වාගෙන යන බවත් මින් අමාත්‍යංශ  දෙකක කාර්ය මණ්ඩල පමණක් ඊට යොමු කරනු ලැබ ඇති බවත් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

රජය පුළුවන් තරම් වියදම් අඩුකර ගැනීමට පියවරගෙන ඇතැයි කී කබ්රාල් මහතා ආර්ථික කටයුතු සඳහා පසුගිය රජය සමයේදී ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ මහල් කීපයක් ලබාගෙන තිබුණ ද වර්තමාන රජය ඒවා ලබා නොගත් බව ද සඳහන් කරයි.