රජයේ විධායක නිලධාරීහු වැඩවර්ජනයකට සැරසෙති


(රංජන් කස්තුරි)

වැටුප් විෂමතා ඉවත් කරන ලෙස බලකරමින් රජයේ විධායක නිලධාරීහු ලබන 18 වැනිදා සිට අඛණ්ඩ වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර සිටිති.

නීති නිලධාරීන්ට පමණක් වැටුප් හා දීමනා ඉහළ නැංවීම මගින් අනෙකුත් සමාන්තර ශ්‍රේණිවල විධායක නිලධාරීන්ට අසාධාරණයක් හා වැටුප් විෂමතාවයක් මතුව ඇතැයි චෝදනා කරමින් විධායක නිලධාරීහු පවසති.

රජයේ දීපව්‍යාප්ත සේවාවල සහ සමාන්තර දෙපාර්තමේන්තුගත සේවාවන් වල විධායක නිලධාරීන් 30 000 කට පමණ මෙම අසාධාරණය සිදුව ඇතැයිද රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුවේ ලේකම් එච්.ඒ.එල් උදයසිරි මහතා පැවසීය.