රජයේ පොහොර සමාගම් දෙක එකක් වෙයි


(අංජුල මහික වීරරත්න)

රජයේ පොහොර සමාගම් දෙක වූ කොමර්ෂල් පොහොර හා ලංකා පොහොර සමාගම්  අද  (12) සිට State Fertilizer නාමය යටතේ  ඒකාබද්ධ කිරීමට පියවර ගෙන ඇත.

මෙතෙක් කලක් සභාපතිවරුන් දෙදෙනෙක් , අධ්‍යක්ෂ මණ්ඩල දෙකක් හා කාර්ය මණ්ඩල දෙකක්  වශයෙන් පැවැති එම සමාගම් දෙක ඒකාබද්ධ කිරීම මගින් රටට විශාල මුදලක් ඉතිරි කර ගැනීමට හැකි වී තිබෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

රජයට අයත් පොහොර සමාගම් දෙක ඒකාබද්ධ කිරීම හා නව නාමය හඳුන්වා දීම  සඳහා වෝටර්ස් එජ් හෝටලයේ පැවති උත්සවයේදී අදහස් දැක්වූ  කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කීවෙි එම සමාගම් දෙකේ හිටපු සේවකයින් 400 ගණනක් අතරින් 273 දෙනෙක් ස්ව කැමැත්තෙන් විශ්‍රාම ගිය අතර ඒ අයට මෙතෙක් ඉතිහාසයේ රාජ්‍ය සේවකයින්ට ලබා දුන් ඉහලම වන්දිය  ලබා දුන් බවයි.

සේවා කාලය හා තනතුරු අනුව රුපියල් ලක්ෂ 9 සිට රුපියල් ලක්ෂ 89ක් දක්වා විශාල වන්දි මුදලක් ඒ අයට ලැබුණ බව අමාත්‍යවරයා කීය.