රජයේ ආයතන 19 කට කෝටි 8200 ක පාඩුවක්


(සුජිත් හේවාජුලිගේ )


ඛනිජ තෙල් සංස්ථාව, ශ්‍රී ලංකන් ගුවන් සමාගම ,විදුලිබල මණ්ඩලය  ඇතුළු රාජ්‍ය ආයතන 19ක් මේ වසරේ මුල් මාස හතරේදී  රුපියල් කෝටි 8200 ක ට වැඩි පාඩුවක් ලබා ඇතැයි මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග මාර්ගවලින් පැවසේ .

මේ කාලයේදී වැඩිම පාඩුවක් ලබා ඇත්තේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවයි.එම සංස්ථාව ලැබූ පාඩුව රුපියල් කෝටි 4500 කට වැඩිය .

මීට අමතරව ශ්‍රී ලංකන් ගුවන් සේවය රුපියල් කෝටි 2400 ක කට වැඩි මුදලක්ද පාඩු ලබා ඇත .

කොවිඩ්  ව්‍යාප්තියත් සමග  රජයේ ආයතන ලබන පාඩුව වැඩි වී ඇතැයි මුදල් අමාත්‍යාංශය පවසයි.