
(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධ සියලු සංවිධාන ජාල බලගැන්වීම වහා අරඹන ලෙස එජාප නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නිලධාරීන්ට අද(28)උපදෙස් දුන්නේය.
එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය ලබා නොගත් රජයට විරුද්ධව සිටින සියලු පාර්ශ්ව ද ඒකරාශී කරගනිමින් රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් අනුව සංවිධාන ජාල බලගැන්වීමට යෝජිතය.
එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන ,උපනායක අකිල විරාජ් කාරියවසම් යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ පශ්චාත් කෝවිඩ් වකවානුවට ගැලපෙන අයුරින් ඉහත සංවිධාන ජාල ඇරැඹීම සිදු කරනු ලබයි.
වෘත්තීයවේදීන්ගේ සංවිධාන, විශ්වවිද්‍යාල ආචාර්ය සංසද, රාජ්‍ය හා පෞද්ගලික වෘත්තිය සමිති ඇතුළු සියලු බහුජන සංවිධාන රනිල් වික්‍රමසිංහ මහතා දුන් උපදෙස් අනුව වහා බල ගැන්වෙන බව එජාප මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා සඳහා සඳහන් කළේය.
වෘත්තීය සමිති ඇතුළු සංවිධාන ජාලය බලගැන්වීමට සමගාමීව පක්ෂයේ අනන්‍යතාවය යටතේ රජයට එරෙහි විරෝධතා උද්ඝෝෂණ ඇරැඹීමේ නව වැඩපිළිවෙල ඉදිරියේ දී ක්‍රියාත්මක කරන බවද පාලිත රංගෙ බණ්ඩාර මහතා සඳහන් කළේය.

