ඉන්දිකා රාමනායක
ලංකාව අවට මුහුදේ ‘‘පාවෙන අවි’’ ගබඩාවක් පවත්වාගෙන යාමේ සිද්ධියට අදාළව වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නම් කර ඇති 8 දෙනා අතර සිටි ‘‘රක්නා ලංකා‘‘ ආයතනයේ සභාපති වික්ටර් සමරවීර මහතා අද (8) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මුලස්ථානය කියයි.
වික්ටර් සමරවීර මහතා අද දහවල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ බාර වීමෙන් පසු මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.
අත්අඩංගුවට ගත් වික්ටර් සමරවීර මහතා ගාල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

