(ජයන්ත සමරකෝන්)
රිමාන්ඩ් බාරයට පත්කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා ජනවාරි 21 වැනි දින පැවැත්වෙන පාර්ලිමේන්තු සභා වාරයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට අද(16) දැනුම් දී ඇතැයි එම මූලස්ථාන ආරංචි මාර්ග අනාවරණය කරයි.
මන්ත්‍රීවරයකු සතු වරප්‍රසාද යටතේ පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් මෙම දැනුම්දීම කර ඇතැයිද පැවසේ.
ඒ අනුව, ජනවාරි 21වනදා සැකකාර මන්ත්‍රීවරයා රැගෙන යාම සඳහා අවශ්‍ය ආරක්ෂණ කටයුතු සලසන ලෙසට බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා විසින් මැගසින් බන්ධනාගාර අධිකාරීවරයාට උපදෙස් දී ඇතැයිද දැනගන්නට ලැබී තිබේ.
සැකකාර මන්ත්‍රීවරයා මේ මාසයේ 29 වැනි දින දක්වා බන්ධනගාර ගතකර සිටී.

