(යොහාන් භාසුර)
සිරදඩුවම් විදින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා නිදහස් කරන ලෙස බලකරමින් සමඟි ජනබලවේගය පක්ෂයේ තරුණ සංවිධානය වන ‘සමඟි තරුණ බලවේගය’ වැලිකඩ බන්ධනාගාර ඉදිරිපිට නිහඩ විරෝධතාවක් අද (1) පස්වරුවේ පැවැත්වීය.
‘දේශපාලන සිරකරු වහා නිදහස් කරනු’ ලෙස පුවරු ප්‍රදර්ශනය කරමින් එහිදී සමඟි තරුණ බලවේගයේ සාමාජික සාමාජිකාවෝ විරෝධතාවයේ නිරත වූහ.
(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)