රංගිරි දඹුලු රජමහා විහාරාධිපතිට තායිලන්තයෙන් සම්මානයක්


(චමිල් රූපසිංහ)

ඓතිහාසික රංගිරි දඹුලු රජමහා විහාරාධිපති අස්ගිරි මහා විහාර කාරක සංඝ සභික ආචාර්ය ගොඩගම ශ්‍රී මංගල නාහිමිපාණන් වහන්සේ හට තායිලන්ත රජය විසින් පිරිනමන ලද “සියම් රාජ සම්මානය“ නිල වශයෙන් නාහිමියන්ට ප්‍රධානය කිරීමේ උත්සවය අද (15) මහනුවර අස්ගිරි චන්දානන්ද බෞද්ධ විද්‍යාලයේදී සිදුවූහ.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත වශයෙන් අස්ගිරි මහ විහාර පාර්ශ්වයේ මහ නායක වරකාගොඩ ශ්‍රී ඥාණරතන නාහිමිපාණන් වහන්සේ සහභාගි වූ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද මෙම උත්සවයට සහභාගී වූහ.

තායිලන්ත රජයේ සංස්කෘතික අමාත්‍ය වීරා රොජ්පොජවනරන් මහතා ඇතුළු ආරාධිතයින් විශාල පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගි වූහ.