යෝජිත වයඹ ආණ්ඩුකාර කාර්යාලයේ කෝටි ගණනක යකඩ දිරයි


(ජනුර් කිවිලාන්)

වයඹ පළාත් සභා සංකීර්ණය ඉදිරිපිට ආණ්ඩුකාර කාර්ලයක් ඉදි කිරීම සඳහා මිලියන 294 මුදලක් වැයකර බාගෙට ඉදිකර ඇති ගොඩනැගිල්ලේ කෝටි ගණනක යකට විනාශ වෙමින් පවතින බව සේවකයෝ පවසති.

 2019 වසරේ මෙහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කර ඇත.

මෙම ගොඩනැගිල්ල සම්පූර්ණ ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 974 මුදලක්ඇස්තමෙන්තු කර ඇති බවත් ඉදිකිරීම් කටයුතු සිදුකිරීම සඳහා ගෙනවිත් දමා ඇති රුපියල් කෝටි 3 කට අධික කම්බි දිරාපත් වීමට ඉඩ හැරු ඇති අතර අඩි 400ත් පමණ උසට දොඹකරයක් නවතා ඇති බවත් එය කඩා වැටුණහොත් ජීවිත හානි රැසක් සිදුවිය හැකි බවද ඔවුහු පෙන්වා දෙති.