
(විමුක්ති එස් රුද්‍රිගු)
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ ප්‍රධාන ප්‍රතිවාදියා ලෙස සැලකූ මියගිය ඇලෙක්සි නෙවල්නිගේ බිරිඳ වන යූලියා නෙවල්නායාට වරෙන්තු නිකුත් කර දින දෙකකට පසුව ඇයව රුසියානු ත්‍රස්තවාදීන් සහ අන්තවාදීන්ගේ ලැයිස්තුවට ඇතුළත් කිරීමට එරට බලාධාරීහු කටයුතු කළහ.
සිය ස්වාමි පුරුෂයාගේ වැඩ කටයුතු ඉදිරියට ගෙන යාමට යූලියා ප්‍රතිඥා දී ඇත. ආක්ටික් බන්ධනාගාරයක වසර 19 ක සිර දඬුවමක් විඳිමින් සිටියදී ඇලෙක්සි නෙවල්නි මිය ගියේය. පසුගිය අඟහරුවාදා දින මොසක්ව් අධිකරණය අන්තවාදී චෝදනා මත යූලියා නෙවල්නායා අත් අඩංගුවට ගන්නා ලෙස නියෝග කළේ

