යූරියා නැති කතාව බොරු


(අංජුල මහික වීරරත්න)

යුරියා  ඇතුළු අනෙකුත් පොහොර වල හිඟයක් පවතින බවට ඇතැම් ගොවි සංවිධාන නියෝජිතයින්  කරන ප්‍රකාශ වල කිසිදු සත්‍යතාවයක් නැතැයි ද කෘෂිකර්ම හා වැවිලි අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

රටේ කිසිදු පොහොර හිඟයක් නැතැයි ද අමාත්‍යවරයා කීය.

දිවයිනේ සෑම ප්‍රදේශයකටම පොහොර සපයා ඇති අතර කිසියම් ප්‍රදේශයකට පොහොර ලැබී නැත්නම් වහාම කෘෂිකර්ම අමාත්‍යාංශයට දැනුම් දෙන්නැයි කෘෂිකර්ම අමාත්‍යවරයා ඉල්ලා සිටියි.පොහොර හිඟයක් පවතී නම් ඊට හේතුව හඳුනාගෙන කඩිනමින් පොහොර සැපයීමට හැකි බව අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙවර මහ කන්නය සඳහා අවශ්‍ය තරම් පොහොර රාජ්‍ය අංශයේ පොහොර සමාගම් දෙක මගින් හා පෞද්ගලික අංශය මගින් සැපයීමට කටයුතු යොදා තිබෙන අතර රජය විසින් ගොවීන්ට  පොහොර මිල දී ගැනීම සදහා  හෙක්ටයාර් එකකට රුපියල් 15,000ක් බැගින් ගොවි ගිණුම් වලටම බැර කිරීමට කටයුතු යොදා ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.