(අංජුල මහික වීරරත්න)
ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ මෙරටට ලබා දෙන යුරියා පොහොර වලින් මෙට්‍රික් ටොන් 21,000ක් සහිත දෙවන නෞකාව මෙම සතියේ කොළඹ වරායට ලඟාවීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
එලෙස ලැබෙන පොහොර තොගය හා දැනට යල කන්නය සදහා බෙදාහැර ඉතිරි වී ඇති යුරියා පොහොර තොග වී, බඩඉරිඟු, තේ හා අල වගාව සඳහා ද ලබා දීමට තීරණය කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකාවට ලබා දෙන ලද යුරියා පොහොර මෙට්‍රික් ටොන් 65,000න් පළමු තොගය වශයෙන් ලැබුනු මෙට්‍රික් ටොන් 44,000ක් මීට පෙර ලැබිණි.

