එක්සත් රාජධානිය ජනවාරි මස 31 වැනිදා යුරෝපා සංගමයෙන් ඉවත් කරගැනීම සඳහා අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ඉදිරිපත් කළ යෝජනාවට අද (20) අනුමැතිය හිමිවිය.
අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ඉදිරිපත් කළ යෝජනාවට පක්ෂව ඡන්ද 358ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 234ක් පමණි. ඒ අනුව වැඩි ඡන්ද 124කින් එක්සත් රාජධානිය යුරෝපා සංගමයෙන් ඉවත් කරගැනීමේ පනත් කෙටුම්පත සම්මත විය. බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව ‘ඉවත් කරගැනීමේ ගිවිසුම’ ලෙසින් හැඳින්වේ. යෝජනාව සම්මත වීමත් සමඟ එරට පාර්ලිමේන්තුවේදී එය තවදුරටත් විමසා බැලෙනු ඇත.
අදාළ යෝජනාවට අනුව සංක්‍රාන්ති සමය දීර්ඝ කිරීම තහනම් කෙරෙන අතර එම සමයේදී එක්සත් රාජධානිය යුරෝපා සංගමයෙන් ඉවත්ව සිටියත් එම සංගමයේ නීති පිළිපදිනු ඇත. වසර 20-20 න් පසුවත් එක්සත් රාජධානිය, යුරෝපා සංගමයේ ඇතැම් නීති පිළිපදිනු ඇත.
“බ්‍රෙක්සිට් සම්පූර්ණ කරගැනීමට අපි තවත් පියවරක් ළං වුණා” යැයි ඡන්ද විමසීමෙන් පසුව අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පැවැසීය. එක්සත් රාජධානිය යුරෝපා සංගමයෙන් ඉවත් කරගැනීමේ ක්‍රියාවලිය ‘බ්‍රෙක්සිට්’ යනුවෙන් හැඳින්වේ.
එක්සත් රාජධානියට යුරෝපා සංගමයෙන් ඉවත් වීමට මීට වඩා හොඳ සහ යහපත් ක්‍රමවේදයක් ඇති බව කියූ කම්කරු පක්ෂයේ නායක ජෙරමි කෝබින් පනත් කෙටුම්පතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන්නැයි සිය මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීය. කෙසේ නමුත් එම පක්ෂයේ මන්ත්‍රීවරුන් හයදෙනෙක් ආණ්ඩුවට සහාය දැක්වූහ.


ඒ.එෆ්.පී./රොයිටර්ස් ඇසුරිනි
- 055

